ඔන්න මම මේ කියන්න යන්නේ අර ගිය සතියෙ ආව s.m.s එකවගේ බොරුවක් එහෙම නෙවේ. මේ ගැන පෝස්ට් එකක් ලියන්න හිතුවත් ලියන්න කලින්ම පොඩි පොඩි කේස් ආපු හින්දා තමයි කල් දැම්මේ. ඒත් අද වෙච්ච දෙයක් හින්දා හිතුණා මේක කල් දාන එක හොඳ නෑ කියලා. අනික් හේතුව තමයි මම අඳුරන ගෑණු ලමයෙක්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක "හැක්" කරලා. කුණුහරුප ලෝකයක් කරලා.(ඒව නං කැත වැඩ). අපේ profile වලටත් ඔහොම උනොත්? ඒක හින්දා තමයි නොදන්න අයට දැනගන්නත් එක්ක මේ කියන්න හදන්නේ.දන්න කට්ටියත් ගොඩක් ඇති.මේක පෝස්ට් එකකින් පබ්ලිශ් කරනවට අකමැති අයත් ඇති.ඒත් ඉතින් බහුජන හිතාය බහුජන සුඛාය කියල මං මේක කියනවා.
අද මම යාලුවෙක්ගේ වැඩකට ඉන්ටනෙට් කැෆේ එකකට ගියා. මිනිහගෙ assignment වගයක් upload වෙනකල් ඉතිං වඳුරා වගේ pc එක අස්සට හොට දැම්මා. එතකොට තමයි මම දැක්කේ ඒ pc එකේ keyloggeer software එකක් දාලා තියෙන විත්තිය. ගැහැණු පිරිමි භේදයක් නැතිව ඒ pc එකේ නෙට් ගියපු අයගෙ ඊමේල් ලිපින,පාස්වර්ඩ්,ෆේස්බුක් ස්කයිප් වල කරපු චැට් හැම එකක්ම නෝට්පෑඩ් එකක සේව් වෙලා තිබ්බා.
දැන් සමහරුන්ට ප්‍රශ්නයක් එයි මොකක්ද මේ keylogger කියන්නේ කියලා. මේකත් සාමාන්‍ය application එකක්ම තමයි. හැබැයි භාවිතා කරන්නේ අනුන් කම්පියුටර් එකේ කරන activities බලාගන්න. උදාහරණයක් විදිහට මේ software එකක් install කරපු කෙනාට පුලුවන් අනික් අයගේ activities, log එකක් භාවිතා කරලා බලාගන්න.
උ.දා
1.කී බෝඩ් එකෙන් ටයිප් කරපු හැම දෙයක්ම (every keystroke) notepad එකක save වෙනවා.esc,ctrl keys පවා ප්‍රෙස් කලා කියල ඒකෙ පෙන්නනවා. ඩෙස්ක්ටොප් එක පේන්න තියෙද්දි බොරුවට ටයිප් කලත්,ෆේස්බුක් ස්කයිප් වල චැට් කලත්, සයිට් එකකට යූසර් නේම් පාස්වර්ඩ් ගහල ලොග් උනත් හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. හැකර්ලා කියල මහලොකුවට කියන කට්ටිය අනුන්ගේ ෆේස්බුක් එකවුන්ට් වල යූසර් නේම් පාස්වර්ඩ් ගන්නේ ඔය ක්‍රමයෙන් වෙන්න ඕන.
2. visit කරපු හැම වෙබ් සයිට් එකක්ම වෙනම ලොග් එකක සේව් වෙනවා.
3. ඕපන් කරපු ප්‍රොගෑම්ස් වෙනම ලොග් එකක සේව් වෙනවා.
4. නිශ්චිත කාලයක් දුන්නම(තත්: 5න් 5ට) ඒ වෙලාවට කම්පියුටර් ස්ක්‍රීන් එකේ screenshot එකක් jpg format එකෙන් සේව් වෙනවා.
5. software එකේ option වලින් ඊමේල් එකක් විදිහට ඔය නෝට්පෑඩ් ලොග් හොරෙන්ම යවාගන්නත් පුලුවන්. ඒ කියන්නේ කම්පියුටර් එකක keylogger එක install කරන්න විනාඩි 3-5ක් හොඳටෝම ඇති.ඊට පස්සෙ ඒ ලොග් ඔක්කොම හැමදාම ඊමේල් වෙනවනේ.
මේ සරලම keylogger වල වැඩ. මම නං හිතන්නේ ඒකත් ඇති මහ විනාශයක් කරන්න. ගොඩක් කීලොගර් install වෙන path එක හොයාගන්න අමාරුයි. හොඳ වයිරස් ගාඩ් එකකුයි malwarebytes වගේ antispamware එකකුයි දාගන්න එක ඇඟට ගුණයි.
මේක ගොඩක්ම භාවිතා වෙන්නෙ මම දන්න විදිහට ෆේස්බුක් එකවුන්ට් හැක් කරන්න. වැඩි ප්‍රතිශතයක් ගෑණු ලමයින්ට තමා මේ කරදරේ වෙන්නේ. ඒ උනාට මම දන්න අක්කා කෙනෙක් අයියා අනික් කෙල්ලොත් එක්ක චැට් කරන්නේ මොනවද බලාගන්නත් මේකක් දැම්මා.කලින් කියපු 5වෙනි option එකට අනුව අයියගෙ කම්පියුටර් එකේ වෙන හැම දෙයක්ම අක්කට ඊමේල් වෙනවා.
දැං කට්ටිය බලයි මූ කොහොමද හොඳ එකා වගේ ඉඳලා ඕව දන්නෙ කියලා. මගේ යාලුවෙක්ගෙ ෆේස්බුක් පාස්වර්ඩ් එක අල්ලපු ගෙදර අයියා දැනගෙන ඒක වෙනස් කරලා.ඉතිං මෙයාට කරගන්න දෙයක් නැතිව මට කිව්වා.ඉතින් මම ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගත්ත දේ තමයි keylogger.ඒකෙන් කොහොමහරි යාලුවගෙ වෙනස් කරපු පාස්වර්ඩ් එක දැනගත්තා. ඕක තමයි මගේ පාපොච්චාරණය. ෆේස්බුක් හැක් නං මම හෙළා දකිනවා. ඇඩ් කරගත්තම ඉවරයිනේ.මොකටද අපි ඒ එකවුන්ට් control කරන්න යන්නේ?
දැන් ඉතිං නොදන්න කට්ටියත් ඕක ටෙස්ට් කරලා බලන්න යයි. ඒක හින්දා මට බැනුමුත් එයි. ඒත් එක්කෙනෙක් හරි මේක කියෙව්වට පස්සේ keyloggers වලින් බේරෙන්න measures ගන්නවා නං මට ඒ ඇති.
ඔය තියෙන්නේ ඒවගේ කෙරුවාවල් තමයි...
ෆේස්බුක් එකවුන්ට් හැකර්ලාගෙන් බේරෙන්න keylogger ගැනත් දැනගන්න..
Papercraft හදන්න ආස කවුද?


සතුන්ට ආදරය කරන්නන් නැරබිය යුතු චිත්‍රපටියක් Marley and Me
ඇරබුමම කඳුලක් වෙලා....
අප්පමාදෝ අමත පදං
මූනු පොතේ වගා කිරීම,ආහාර පිසීම හා සතුන් රැක බලා ගැනීම
සීසර්ගේ සතුට සහ දුක.
උත්සාහවන්තයා ජයගනීලු නේ. මාත් ඉතින්forum,torrent අස්සේ රිංගලා comment කියවලා වැඩේ ගොඩ දාගත්තා. එතනින් නැවතිල්ලක් නෑ නේ. වැඩේ පටන් ගන්නේ ඊට පස්සෙනේ.මටත් ආඩම්බරයි මගේ අධිරාජ්‍යයේ 15වෙනි ශතවර්ෂයේ උනත් පරිගනක ක්‍රීඩාවකින් සැරිසරන්න පුලුවන් වෙච්ච එක ගැන. play කරපු හොදම game එක.කලින් හොදම එක උනේ මීට කලින් ආපු එක(assassins creed).දැන් ඉතින් එතන දෙවෙනි එකෙන් replace කරලා ඉවරයි. කොච්චර හොදද කියනවනම් facebook ගියෙත් නෑ.

අදින්නාදානා....

අපි ගියානෙ මල් වරුසාව බලන්න...
සීසර්ට ආවනේ ආරාධනයක් පේරාදෙණිය සරසවියේ මල් වරුසාව බලන්න යන්න.මම මුලින් හිතුවේ ඔය වරුසාවක් කියලා කිව්වේ වලේ පෙන්නන ඩ්‍රාමා එකකට කියලා.පස්සේ තමයි දැනගත්තේ මල් වැටෙන හැටි බලන්න මේ යන්නේ කියල.ගස් වල කහපාට මල් පිරිලා.එකසිය ගානට බිම වැටෙනවා. මාර ලස්සනයි.






ඔන්න එහෙනම් Hail Caesar කිව්වා...
මෙච්චර කාලයක් කලේ blog කියවිල්ල. මටත් අදහසක් ආවා blog ලියවිල්ලට මාරු වෙන්න... ඒ කිව්වෙ blog කියවිල්ල නවත්තනවා කියලා හෙම නෙවේ.
කොහොම නමුත් මම මේ blog ලෝකයට කෝඩුකාරයෙක්. ඉදලා හිටලා ඔය search එකක් දාද්දී එන english blog එකක් ඇරෙන්න සිංහල blog ෆීල්ඩ් එක මට මග ඇරිලා තිබ්බේ.(ඒ ගැන මටම ලැජ්ජයි) මෙච්චර online ඉන්න මට කොහොමද එහෙම missing උනේ? ඇයි හත් දෙයියනේ online ඉන්න වෙලාවේ කරන්නේ ඉතින් මූනු පොතට යන එකයි,torrent download කරන එකයි ඔය ඉදලා හිටලා pc එක format කරන්න වෙන විදිහේ software download කරන එකයිනේ. කොහොමහරි දැන් ඔය මූනු පොතෙත් කට්ටිය සිංහල වැඩ කෑලි දාන හැටි බලලා තමයි මාත් ඔය යුනිකේත හරබය අල්ලගන්න ගූග්ල් එකේ දැගලුවේ. ඔය වෙලාවේ තමයි මට කතන්දර අයියාගේ blog එක අහු උනේ.එතනින් ගියාම ඉතින් ලංකාවේ blog ලෝකයයි. පුලුවන් විදිහට කියවලා blog ටිකක් සුද්ද කරා. තවත් සුද්ද කරනවා.. ඒ අතරේම තමයි මගේම කියලා blog එකක් පටන් ගන්න අදහසකුත් ආවේ.
ඒත් මං මොනවද මේකේ ලියන්නේ?? හ්ම්ම්... ලියන්න දේවල්ද නැත්තේ? මට හිතෙන දේවල්, මං අහපු දේවල්, මං දන්න දේවල් පුලුවන් හැටියට ලියන්නම්.
අඩුපාඩු කියලා දෙන අයට,comments දාන අයට කල්තියාම ඔන්න Thank you කිව්වා....