ඇරබුමම කඳුලක් වෙලා....


විස්සයි විස්සේ ලෝක කුසලානෙ පටන් ගන්න තිබ්බෙ ඉතිං ලංකාවයි අර නවසීලන්තෙ කස්ටියයි අතරෙනේ. හප්පේ... ඒකට මූනු පොතේ තිබ්බ මාකට් එක, අද කොහොමහරි මැච් එක බලන්ඩ,අද අපි දිනයිද?,කවුද අද දිනන්නේ ආදි නා නා ප්‍රකාර මැසේජ් හෝ ගාලා එනවා.
මාත් ඉතින් අනික් වැඩ අස්සේ ඕක බලන්ඩ කාල වේලාව වෙන් කරගත්තා. අනේ ඉතින් ඕකනෙ... වැස්ස විතරක්නම් කමක් නෑ.. සියුස් දෙයියො වලං පෙරලන්ඩ ගත්තා. එපා කිවුවා කියලා නවත්තන එකක්යැ. පොඩි ඇලට් එකක් දාල ටික වෙලවකින් බලන්නම් කියල හිටියෙ. කුකුලෙක් කෑ ගහනව ඇහුනා. මෙන්න බොලේ දන්නෙම නැතුව උදේ වෙනකල් නින්ද ගිහින්.
ඉක්මනටම ජංජාලෙට රිංගලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියල... ඔය කාල තියෙන්නේ අපි ගෝල් කාරයොන්ගෙන් කනව වගේ රජ කෑමක්. මට මතක් උනේ කසුන් කල්හාරගෙ "ඇරබුමම කඳුලක් වෙලා" සිංදුව.

කමක් නෑ...කමක් නෑ... ඕවත් අල්ලලා ඊලඟ මැච් එකේ රිටන් එක දෙයිනේ....

6 comments:

Raven May 1, 2010 at 11:43 PM  

නවසීලන්තකාරයො එක්ක ඔහොම තමයි උන් එකක් දිනනවා අපි එකක් දිනනවා. සිම්බාබ්වේටවත් ගහයිද කියල බලන් ඉමු.

Word verification එක අයින් කරපන් පුලුවන්නම්.

සීසර් May 2, 2010 at 1:24 AM  

ඔන්න අයින් කරා....
බ්ලොග් එකේ පලවෙනි comment එකට තැන්ක්යූ කිව්වා

Anonymous May 3, 2010 at 4:33 PM  

මේ ඉතාලියෙ ඉන්න සීසර්මද නැත්තම් වෙන කෙනෙක්ද? :)

බලමු බලමු නේද සහෝ අද දෙවෙනි මැච් එකනේ. :)

සීසර් May 4, 2010 at 10:52 PM  

අනේ නෑ... මේකා ලංකාවෙ ඉන්න ලෝකල් එකෙක්.

පසන් May 6, 2010 at 7:45 PM  

හා හා ලොකල් සීසර් කෙනෙක් නේ එළ එළ..............

ඔන්න අපි සුපර් 8 වලට ආවනේ එත් දෑන් තමා ගේම.......

සීසර් May 9, 2010 at 7:59 PM  

දැන්නම් අපේ කොල්ලො ගේම දෙනවා නේද?

Post a Comment

Can't Read?

සිංහල බ්ලොග් කියවනය
lankeeya sithuwili

Pages

About Me

My photo
හිතන්න ගත්තම කරන්න බැරි විදිහේ mastermind plan උනත් ගහන, කරන්න දෙයක් නැතත් pc එක ලගට වෙලා සතියක් හරි ඉන්න පුලුවන්.පාඩම් වලට ටිකා....ක් හොර චරිතයක්...

Followers