ෆේස්බුක් එකවුන්ට් හැකර්ලාගෙන් බේරෙන්න keylogger ගැනත් දැනගන්න..





ඔන්න මම මේ කියන්න යන්නේ අර ගිය සතියෙ ආව s.m.s එකවගේ බොරුවක් එහෙම නෙවේ. මේ ගැන පෝස්ට් එකක් ලියන්න හිතුවත් ලියන්න කලින්ම පොඩි පොඩි කේස් ආපු හින්දා තමයි කල් දැම්මේ. ඒත් අද වෙච්ච දෙයක් හින්දා හිතුණා මේක කල් දාන එක හොඳ නෑ කියලා. අනික් හේතුව තමයි මම අඳුරන ගෑණු ලමයෙක්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක "හැක්" කරලා. කුණුහරුප ලෝකයක් කරලා.(ඒව නං කැත වැඩ). අපේ profile වලටත් ඔහොම උනොත්? ඒක හින්දා තමයි නොදන්න අයට දැනගන්නත් එක්ක මේ කියන්න හදන්නේ.දන්න කට්ටියත් ගොඩක් ඇති.මේක පෝස්ට් එකකින් පබ්ලිශ් කරනවට අකමැති අයත් ඇති.ඒත් ඉතින් බහුජන හිතාය බහුජන සුඛාය කියල මං මේක කියනවා.
අද මම යාලුවෙක්ගේ වැඩකට ඉන්ටනෙට් කැෆේ එකකට ගියා. මිනිහගෙ assignment වගයක් upload වෙනකල් ඉතිං වඳුරා වගේ pc එක අස්සට හොට දැම්මා. එතකොට තමයි මම දැක්කේ ඒ pc එකේ keyloggeer software එකක් දාලා තියෙන විත්තිය. ගැහැණු පිරිමි භේදයක් නැතිව ඒ pc එකේ නෙට් ගියපු අයගෙ ඊමේල් ලිපින,පාස්වර්ඩ්,ෆේස්බුක් ස්කයිප් වල කරපු චැට් හැම එකක්ම නෝට්පෑඩ් එකක සේව් වෙලා තිබ්බා.
දැන් සමහරුන්ට ප්‍රශ්නයක් එයි මොකක්ද මේ keylogger කියන්නේ කියලා. මේකත් සාමාන්‍ය application එකක්ම තමයි. හැබැයි භාවිතා කරන්නේ අනුන් කම්පියුටර් එකේ කරන activities බලාගන්න. උදාහරණයක් විදිහට මේ software එකක් install කරපු කෙනාට පුලුවන් අනික් අයගේ activities, log එකක් භාවිතා කරලා බලාගන්න.
උ.දා
1.කී බෝඩ් එකෙන් ටයිප් කරපු හැම දෙයක්ම (every keystroke) notepad එකක save වෙනවා.esc,ctrl keys පවා ප්‍රෙස් කලා කියල ඒකෙ පෙන්නනවා. ඩෙස්ක්ටොප් එක පේන්න තියෙද්දි බොරුවට ටයිප් කලත්,ෆේස්බුක් ස්කයිප් වල චැට් කලත්, සයිට් එකකට යූසර් නේම් පාස්වර්ඩ් ගහල ලොග් උනත් හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. හැකර්ලා කියල මහලොකුවට කියන කට්ටිය අනුන්ගේ ෆේස්බුක් එකවුන්ට් වල යූසර් නේම් පාස්වර්ඩ් ගන්නේ ඔය ක්‍රමයෙන් වෙන්න ඕන.
2. visit කරපු හැම වෙබ් සයිට් එකක්ම වෙනම ලොග් එකක සේව් වෙනවා.
3. ඕපන් කරපු ප්‍රොගෑම්ස් වෙනම ලොග් එකක සේව් වෙනවා.
4. නිශ්චිත කාලයක් දුන්නම(තත්: 5න් 5ට) ඒ වෙලාවට කම්පියුටර් ස්ක්‍රීන් එකේ screenshot එකක් jpg format එකෙන් සේව් වෙනවා.
5. software එකේ option වලින් ඊමේල් එකක් විදිහට ඔය නෝට්පෑඩ් ලොග් හොරෙන්ම යවාගන්නත් පුලුවන්. ඒ කියන්නේ කම්පියුටර් එකක keylogger එක install කරන්න විනාඩි 3-5ක් හොඳටෝම ඇති.ඊට පස්සෙ ඒ ලොග් ඔක්කොම හැමදාම ඊමේල් වෙනවනේ.
මේ සරලම keylogger වල වැඩ. මම නං හිතන්නේ ඒකත් ඇති මහ විනාශයක් කරන්න. ගොඩක් කීලොගර් install වෙන path එක හොයාගන්න අමාරුයි. හොඳ වයිරස් ගාඩ් එකකුයි malwarebytes වගේ antispamware එකකුයි දාගන්න එක ඇඟට ගුණයි.

මේක ගොඩක්ම භාවිතා වෙන්නෙ මම දන්න විදිහට ෆේස්බුක් එකවුන්ට් හැක් කරන්න. වැඩි ප්‍රතිශතයක් ගෑණු ලමයින්ට තමා මේ කරදරේ වෙන්නේ. ඒ උනාට මම දන්න අක්කා කෙනෙක් අයියා අනික් කෙල්ලොත් එක්ක චැට් කරන්නේ මොනවද බලාගන්නත් මේකක් දැම්මා.කලින් කියපු 5වෙනි option එකට අනුව අයියගෙ කම්පියුටර් එකේ වෙන හැම දෙයක්ම අක්කට ඊමේල් වෙනවා.
දැං කට්ටිය බලයි මූ කොහොමද හොඳ එකා වගේ ඉඳලා ඕව දන්නෙ කියලා. මගේ යාලුවෙක්ගෙ ෆේස්බුක් පාස්වර්ඩ් එක අල්ලපු ගෙදර අයියා දැනගෙන ඒක වෙනස් කරලා.ඉතිං මෙයාට කරගන්න දෙයක් නැතිව මට කිව්වා.ඉතින් මම ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගත්ත දේ තමයි keylogger.ඒකෙන් කොහොමහරි යාලුවගෙ වෙනස් කරපු පාස්වර්ඩ් එක දැනගත්තා. ඕක තමයි මගේ පාපොච්චාරණය. ෆේස්බුක් හැක් නං මම හෙළා දකිනවා. ඇඩ් කරගත්තම ඉවරයිනේ.මොකටද අපි ඒ එකවුන්ට් control කරන්න යන්නේ?

දැන් ඉතිං නොදන්න කට්ටියත් ඕක ටෙස්ට් කරලා බලන්න යයි. ඒක හින්දා මට බැනුමුත් එයි. ඒත් එක්කෙනෙක් හරි මේක කියෙව්වට පස්සේ keyloggers වලින් බේරෙන්න measures ගන්නවා නං මට ඒ ඇති.

ඔය තියෙන්නේ ඒවගේ කෙරුවාවල් තමයි...




Papercraft හදන්න ආස කවුද?

මටත් හිටපු ගමන් ඔය අමුතු අමුතු අදහස් එනවා... ලඟදි ආපු idea එකක් තමයි papercraft subject එක. යූටියුබ් එකේ දැකලා තමයි හදන්න ආසා හිතුනේ. දන්න විදිහට අන්තිමට හැදුවේ උසස්පෙල පංති වල රොකට් තමයි. අනේ අස් කලේ නැත්තං තවම ඒවා වහලේ පරාල අස්සේ ඇති..
කොහොමහරි පේන තරම්ම වැඩේ ලේසි නෑ කියලා ටික වෙලාවකින් තේරුම් ගත්තා. ඒක හින්දා ලොකු ලොකු ඒවා හදන්න කලින් පොඩි එකක් හදලා බලන්න හිතුනා. ඉතින් hello kitty කෙනෙක් හැදුවා..මේකනං A4 දෙකකින් හදන්න පුලුවන්. Lamborghini Gallarado එක හදන්න A4 කොල 22ක් ඕන. Yamaha YZF R1 හදන්න A4 කොල 20ක් ඕන. ආස කට්ටිය ඉන්නවනම් papercraft කියලා google කරලා බලන්න....




සතුන්ට ආදරය කරන්නන් නැරබිය යුතු චිත්‍රපටියක් Marley and Me

මට පණිවිඩයක් ආවා මගේ හොඳම යාලුවාගෙන්. ඒ එයා බලු පැටියෙක් ගෙනත් කියල.ඌ labrador වර්ගයේ එකෙක්ලු. ඔය ලැබ්‍රඩොර් කියන වචනෙ අහපු ගමන් මගේ ඔලුවට එන්නෙ Marley and Me කියන චිත්‍රපටිය. ඒ කතාව ගෙතිල තියෙන්නෙත් ලැබ්‍රඩොර් වර්ගයේ බල්ලෙක් ගැන. උගේ නම තමයි මාලි.හිනා යන ඒ වගේම දුකත් හිතෙන කතාවක්. ටොරන්ට් ගන්න අය මේ ලින්ක් එකෙන් ගන්න http://www.baiscopelk.com/?p=44

සාමාන්‍ය විදිහට කියනවනම් මේක බොක්කටම වදින චිත්‍රපටියක්. ඒ වගේම තමයි කතාව අවසානයේදී Owen Wilson කියන කතාවත් බොක්කටම වදින එකක්.
"A dog has no use for fancy cars, big homes, or designer clothes. A water log stick will do just fine. A dog doesn't care if your rich or poor, clever or dull, smart or dumb. Give him your heart and he'll give you his. How many people can you say that about? How many people can make you feel rare and pure and special? How many people can make you feel extraordinary? "

හෙට පන්ති තියෙන හින්දා මම අද කොලබ යනවා. යාලුවගෙ මාලිව බලලා ඇවිත්ම විස්තර කියන්නම්කෝ.







ඇරබුමම කඳුලක් වෙලා....


විස්සයි විස්සේ ලෝක කුසලානෙ පටන් ගන්න තිබ්බෙ ඉතිං ලංකාවයි අර නවසීලන්තෙ කස්ටියයි අතරෙනේ. හප්පේ... ඒකට මූනු පොතේ තිබ්බ මාකට් එක, අද කොහොමහරි මැච් එක බලන්ඩ,අද අපි දිනයිද?,කවුද අද දිනන්නේ ආදි නා නා ප්‍රකාර මැසේජ් හෝ ගාලා එනවා.
මාත් ඉතින් අනික් වැඩ අස්සේ ඕක බලන්ඩ කාල වේලාව වෙන් කරගත්තා. අනේ ඉතින් ඕකනෙ... වැස්ස විතරක්නම් කමක් නෑ.. සියුස් දෙයියො වලං පෙරලන්ඩ ගත්තා. එපා කිවුවා කියලා නවත්තන එකක්යැ. පොඩි ඇලට් එකක් දාල ටික වෙලවකින් බලන්නම් කියල හිටියෙ. කුකුලෙක් කෑ ගහනව ඇහුනා. මෙන්න බොලේ දන්නෙම නැතුව උදේ වෙනකල් නින්ද ගිහින්.
ඉක්මනටම ජංජාලෙට රිංගලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියල... ඔය කාල තියෙන්නේ අපි ගෝල් කාරයොන්ගෙන් කනව වගේ රජ කෑමක්. මට මතක් උනේ කසුන් කල්හාරගෙ "ඇරබුමම කඳුලක් වෙලා" සිංදුව.

කමක් නෑ...කමක් නෑ... ඕවත් අල්ලලා ඊලඟ මැච් එකේ රිටන් එක දෙයිනේ....

අප්පමාදෝ අමත පදං




සීසර් කියලා ඉතිං ඔය විභාග කෙරුවාව නැතිවෙයිද? මාත් ඔය රාජ්‍ය පාලන කටයුතු අස්සේ ඉගෙන ගන්නවා.කොච්චර ට්‍රයි කලත් විභාගෙකට මුල ඉදලා පාඩම් කරන එක නම් මට මතක හැටියට කොහෙත්ම වෙලා නෑ. කල් දදා ඉදලා අන්තිමේ මාසයක් දෙකක් තියලා තමයි වැඩ පටන් ගන්නේ. මේ වැඩේ හරියන්නෙ නෑ ඒක හින්දා කල් තියාම පාඩම් වැඩ පටන් ගන්න ඕන කියලා හිටියට මෙන්න බොලේ බලද්දී මාසයක් විතර ඉතුරුයි. ඉතින් හති දාගෙන පාඩම් කරන්න වෙනවා.

මේ සැරෙත් ඒකම තමයි වෙලා තියෙන්නේ. මේ මාසෙට විභාග දෙකක්ම සෙට් වෙලා.දැන් ඉතින් හි‍ටු කියලා පාඩම් කරන්න එපැයි.වෙලාවට අර ඉතාලියේ රවුම් ගහන්න ගත්ත Assassins Creed ගේම් එකත් ඉවර කලා. දැන් ඉතින් නිදහසේ පාඩම් කරන්න පුලුවන් (වෙයි කියලා හිතනවා).

මූනු පොතේ වගා කිරීම,ආහාර පිසීම හා සතුන් ‍රැක බලා ගැනීම



ඔයාලා දන්නවද? රෝම අධිරාජ්‍ය පාලනය කරන එක ලේසි පාසු කටයුත්තක් නෙවෙයි. ඊටත් වැඩිය මේ මූනු පොතේ වෙලඳාම් කරන එක අමාරුයි වගේ. මූනු පොතේ මට restaurant එකක් තියෙනවනේ. එකට දෙකක් තියෙනවා.restaurant city යි cafe worldයි.ගොවිපලුත් තියෙනවා... හ්ම්ම්... මේ කතාව කියන්න හිතුනේ අද මම මූනු පොතට යද්දී මගේ cafe world එකේ කෑම ටික නරක් වෙලා තිබ්බ හින්දා. ඒ මදිවට පලවෙනියටම හිටපු මගේ රෑන්ක් එකටත් වෙන එකෙක් ගහලා. දැන් ඉතින් එයාලා අල්ලනවා බොරු. දුක තමා. ආයෙ cafe එක පැත්තෙ යන්න හිතෙන්නෙත් නෑ.(ඇත්තම කියනවනම් ඒ අනික් අය මට වැඩිය ඉස්සරහ හින්දා)

එක අතකින් ඒක නවත්තන එකත් හොදයි. අම්මේ.... ෆෝන් එකේ reminder තියාගෙන වින්ද දුකක්.barn buddy play කරන කාලෙත් ඔය reminder දාගෙන තමයි harvest එක ගත්තේ. මේවා නම් නිතරම අපිව online තියාගන්න හදලා තියෙන games.

මගේ ප්‍රියතම සහ පැරණිම facebook game එක තමයි pet society. ඔය garden එකේ ඵල නෙලන්න සතියකට විතර සැරයක් එන්න ඕන එක ඇරුනම අනික් පොයින්ට් ගන්න තියෙන හැම එකක්ම එන ඕන වෙලාවක play කරන්න පුලුවන්. barn buddy මේනියාවත් දැන් අඩුයි වගේ. ඉස්සරනම් online ඉන්න අයගෙන් වල්,මකුනො හිඟා කනව.උනුත් එහෙමනේ..වෙලාවකට offline යනවා.මොකද උන්ගෙ farm වලට වලුයි මකුනොයි දාලම එපා වෙනවා. අන්තිමට ගියාම මට මතකයි පොල් පැල ටිකක් හිටවලා ආවා. barn එක පැත්තේ ගිහින් හොර පොල් ටිකකුත් කඩලා තියෙන ඔක්කොමත් විකුණලා එන්න ඕන..

සීසර්ගේ සතුට සහ දුක.


උත්සාහවන්තයා ජයගනීලු නේ. මාත් ඉතින්forum,torrent අස්සේ රිංගලා comment කියවලා වැඩේ ගොඩ දාගත්තා. එතනින් නැවතිල්ලක් නෑ නේ. වැඩේ පටන් ගන්නේ ඊට පස්සෙනේ.මටත් ආඩම්බරයි මගේ අධිරාජ්‍යයේ 15වෙනි ශතවර්ෂයේ උනත් පරිගනක ක්‍රීඩාවකින් සැරිසරන්න පුලුවන් වෙච්ච එක ගැන. play කරපු හොදම game එක.කලින් හොදම එක උනේ මීට කලින් ආපු එක(assassins creed).දැන් ඉතින් එතන දෙවෙනි එකෙන් replace කරලා ඉවරයි. කොච්චර හොදද කියනවනම් facebook ගියෙත් නෑ.


ඔන්න අද උදේ තමයි පොඩ්ඩක් බ්ලොග් වලට හොට දැම්මේ. හපොයි දෙයියනේ..බ්ලොග් මැරතන් එක. මම දුවන්න නෙවෙයි හිටියේ. ඒත් ඉතින් වතුර ගැහිල්ල?? ඒකවත් කරන්න බැරි උනානේ. ( වතුර ගැසීමට නොහැකි වීම පිලිබඳව මැරතන් දිවූ ක්‍රීඩකයන්ගෙන් සමාව අයදිමි). දැන් මොකද කරන්නේ.. හොදට කල් අරගෙන බැරල් පිටින් පුරවන් ගිහිං හති අරින ක්‍රීඩකයන්ට හලන එක තමයි ඉතින් මට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ.

ඔය දුවපු බ්ලොග් වලට වටින් පිටින් එබිකම් කරලා බලද්දි තමයි දැක්කේ මහා ලොකු ලැව් ගින්නක් පැතිරෙන බව. වතුර ගහලා නිවන්න පුලුවන්නම් මට කලින් ගොඩක් දෙනෙක් ඒක නිවලා. ඒත් මේ සීසර්ගේ ඔලුවට ඔලිව් කොල ඔ‍ටුන්නේ බලයෙන් තේරෙනවා "දන්නේ නැති දේවල් වලට හොට නොදා ඉන්න එක හොඳා" කියලා.
ඒකෙන් කියන්නේ නෑ මේ ප්‍රශ්ණ වැඩි වෙන එකට මං කැමතියි කියලා. හුඟ දෙනෙක් බලාගෙන ඉන්නෙ ඉක්මනටම මේ ප්‍රශ්නෙ විසදෙනකන්.මාත් එහෙමයි....

Can't Read?

සිංහල බ්ලොග් කියවනය
lankeeya sithuwili

Pages

About Me

My photo
හිතන්න ගත්තම කරන්න බැරි විදිහේ mastermind plan උනත් ගහන, කරන්න දෙයක් නැතත් pc එක ලගට වෙලා සතියක් හරි ඉන්න පුලුවන්.පාඩම් වලට ටිකා....ක් හොර චරිතයක්...

Followers