මටත් හිටපු ගමන් ඔය අමුතු අමුතු අදහස් එනවා... ලඟදි ආපු idea එකක් තමයි papercraft subject එක. යූටියුබ් එකේ දැකලා තමයි හදන්න ආසා හිතුනේ. දන්න විදිහට අන්තිමට හැදුවේ උසස්පෙල පංති වල රොකට් තමයි. අනේ අස් කලේ නැත්තං තවම ඒවා වහලේ පරාල අස්සේ ඇති..
කොහොමහරි පේන තරම්ම වැඩේ ලේසි නෑ කියලා ටික වෙලාවකින් තේරුම් ගත්තා. ඒක හින්දා ලොකු ලොකු ඒවා හදන්න කලින් පොඩි එකක් හදලා බලන්න හිතුනා. ඉතින් hello kitty කෙනෙක් හැදුවා..මේකනං A4 දෙකකින් හදන්න පුලුවන්. Lamborghini Gallarado එක හදන්න A4 කොල 22ක් ඕන. Yamaha YZF R1 හදන්න A4 කොල 20ක් ඕන. ආස කට්ටිය ඉන්නවනම් papercraft කියලා google කරලා බලන්න....


5 comments:
hello kitty නම් ලස්සනයි වගේ සීසර් මල්ලියො.ඒත් ඉතින් ඔෆීස් එකේ නැහිලා, බස්වල ජල්ලි අල්ලලා ගෙදර දුවන් ආවාම මේ වගේ සියුම් සියුම් නිර්මාණ කරන්න ඔළුව ෂේප් නෑ. විකාරෙන් වගේ හැදුවොත් hello kitty කෙනෙක් නෙමේ Gd Bye Kitty කෙනෙක් තමා හදන්න වෙන්නේ....
වැඩේ නම් හරිම ලස්සනයි,හුරුබුහුටියි
හරිම ලස්සනයි, පොඩ්ඩක් හොයලා බලන්න ඕන...
බුදු අම්මේ, ඔච්චර කොළ බරගාණකිං මොනාද අප්පේ හදන්නෙ. :) ඒඋනාට් අමේක නම් මරු, මටත් ආස හිතුන.
මචන් හදන්න තියන ඒව දැක්කම ඔලුව කැරකෙනවා.....කිටිය නම් ලස්සනයි...
ඔක්කොටම ගොඩාක් ස්තුතියි..
@ දිල්: ඒකත් ඇත්ත අක්කියෝ. ඒක තමා මාත් ලොකු papercraft වලට අතගැහුවේ නැත්තේ
@ හසී: google කරොත් ඕන තරම්
@ madhawa: YZF එක හදද්දි එංජිමේ පිස්ටන් පවා පොඩිවට හදන්න ඕන.
http://s224.photobucket.com/albums/dd188/adityoreksoprawiro/YZF-R1%20Papercraft/?action=view¤t=yzfr-1d.jpg
@ හසිත: ඒක තමා.. ඕවා ඩිසයින් කරන කට්ටියට වෙන වැඩ නැද්ද මංදා.
Post a Comment