ඔන්න එහෙනම් Hail Caesar කිව්වා...




මෙච්චර කාලයක් කලේ blog කියවිල්ල. මටත් අදහසක් ආවා blog ලියවිල්ලට මාරු වෙන්න... ඒ කිව්වෙ blog කියවිල්ල නවත්තනවා කියලා හෙම නෙවේ.

කොහොම නමුත් මම මේ blog ලෝකයට කෝඩුකාරයෙක්. ඉදලා හිටලා ඔය search එකක් දාද්දී එන english blog එකක් ඇරෙන්න සිංහල blog ෆීල්ඩ් එක මට මග ඇරිලා තිබ්බේ.(ඒ ගැන මටම ලැජ්ජයි) මෙච්චර online ඉන්න මට කොහොමද එහෙම missing උනේ? ඇයි හත් දෙයියනේ online ඉන්න වෙලාවේ කරන්නේ ඉතින් මූනු පොතට යන එකයි,torrent download කරන එකයි ඔය ඉදලා හිටලා pc එක format කරන්න වෙන විදිහේ software download කරන එකයිනේ. කොහොමහරි දැන් ඔය මූනු පොතෙත් කට්ටිය සිංහල වැඩ කෑලි දාන හැටි බලලා තමයි මාත් ඔය යුනිකේත හරබය අල්ලගන්න ගූග්ල් එකේ දැගලුවේ. ඔය වෙලාවේ තමයි මට කතන්දර අයියාගේ blog එක අහු උනේ.එතනින් ගියාම ඉතින් ලංකාවේ blog ලෝකයයි. පුලුවන් විදිහට කියවලා blog ටිකක් සුද්ද කරා. තවත් සුද්ද කරනවා.. ඒ අතරේම තමයි මගේම කියලා blog එකක් පටන් ගන්න අදහසකුත් ආවේ.

ඒත් මං මොනවද මේකේ ලියන්නේ?? හ්ම්ම්... ලියන්න දේවල්ද නැත්තේ? මට හිතෙන දේවල්, මං අහපු දේවල්, මං දන්න දේවල් පුලුවන් හැටියට ලියන්නම්.

අඩුපාඩු කියලා දෙන අයට,comments දාන අයට කල්තියාම ඔන්න Thank you කිව්වා....

0 comments:

Post a Comment

Can't Read?

සිංහල බ්ලොග් කියවනය
lankeeya sithuwili

Pages

About Me

My photo
හිතන්න ගත්තම කරන්න බැරි විදිහේ mastermind plan උනත් ගහන, කරන්න දෙයක් නැතත් pc එක ලගට වෙලා සතියක් හරි ඉන්න පුලුවන්.පාඩම් වලට ටිකා....ක් හොර චරිතයක්...

Followers