අදින්නාදානා....



හප්පේ.. දැන් ඉතින් උදේ නේද... game එකක් install කරගන්න බැරිව දඟල දඟල හිටියේ..වැඩේ හෙට උදේ වෙනකල් කල් දාන්න තීරණය කලා.game එකේ නම assassins creed 2. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? ලංකාවේ විතරක් නෙවෙයි.මුළු ලෝකෙම හොර කොපි විකිණෙන නිසා අලුත් වැඩක් කරලා. නෙට් නැතිව මේ ගේම් එක වැඩ කරන්නේ නැත. එත් ඉතිං ඕවට පිලියම් අපේ මේ හැකර් අයියලා හොයාගන්නවනේ. (අනේ ඉතිං මටත් දුකයි එයාලගේ ආදායම අඩු වෙන එක ගැන.එහෙම කියලා අපි ගනීද original??) තවම නම් game එක වැඩ නැත..හොර වැඩ කරද්දී ලේසි නැහැ නේ.

ඕ...එතකොට මට හිතෙනවා මේක හොර වැඩක් නේද කියලා? මහන්සි වෙලා හදන softwares අපි ලේසියෙන් දාගන්නවා. කොටින්ම කියනවනම් මගේ os එකත් loader එකකින් crack කරලා තියෙන්නේ.මේකත් "අදින්නාදානා" ගණයට වැටෙන පවක් වෙන්න ඕන. ඒ කියන්නෙ මම ඕපන් සෝස් වලට මාරු වෙන්න ඕන.
අනේ බෑ... මං ඉතින් ඔය ඕපන් සෝස් softwareත් පාවිච්චි කරනවනේ.එහෙංපිටින්ම හොර ගුහාවක් නෙවෙයිනේ.

මේ පව නොකරපු කට්ටිය කවුද ඉන්නේ?? (අනේ අපිනම් නෑ කියලා කියන්න නම් ඉන්නේ පොඩ්ඩක් හිතලා බලන්න.. මොකද V.C.D , D.V.D වලින් අපි බලන ‍ෆිල්ම්ස් පවා හොර කොපි නේ)


අනේ ඔය බණ කිව්වට මේ සීසර් අයියත් ඔය පව කරනවා... රෝමෙත් ඔහොමයි,ගෝල් දේසෙත් ඔහොමයි.....




0 comments:

Post a Comment

Can't Read?

සිංහල බ්ලොග් කියවනය
lankeeya sithuwili

Pages

About Me

My photo
හිතන්න ගත්තම කරන්න බැරි විදිහේ mastermind plan උනත් ගහන, කරන්න දෙයක් නැතත් pc එක ලගට වෙලා සතියක් හරි ඉන්න පුලුවන්.පාඩම් වලට ටිකා....ක් හොර චරිතයක්...

Followers