අදින්නාදානා....



හප්පේ.. දැන් ඉතින් උදේ නේද... game එකක් install කරගන්න බැරිව දඟල දඟල හිටියේ..වැඩේ හෙට උදේ වෙනකල් කල් දාන්න තීරණය කලා.game එකේ නම assassins creed 2. මොකක්ද මේකේ තියෙන විශේෂත්වය? ලංකාවේ විතරක් නෙවෙයි.මුළු ලෝකෙම හොර කොපි විකිණෙන නිසා අලුත් වැඩක් කරලා. නෙට් නැතිව මේ ගේම් එක වැඩ කරන්නේ නැත. එත් ඉතිං ඕවට පිලියම් අපේ මේ හැකර් අයියලා හොයාගන්නවනේ. (අනේ ඉතිං මටත් දුකයි එයාලගේ ආදායම අඩු වෙන එක ගැන.එහෙම කියලා අපි ගනීද original??) තවම නම් game එක වැඩ නැත..හොර වැඩ කරද්දී ලේසි නැහැ නේ.

ඕ...එතකොට මට හිතෙනවා මේක හොර වැඩක් නේද කියලා? මහන්සි වෙලා හදන softwares අපි ලේසියෙන් දාගන්නවා. කොටින්ම කියනවනම් මගේ os එකත් loader එකකින් crack කරලා තියෙන්නේ.මේකත් "අදින්නාදානා" ගණයට වැටෙන පවක් වෙන්න ඕන. ඒ කියන්නෙ මම ඕපන් සෝස් වලට මාරු වෙන්න ඕන.
අනේ බෑ... මං ඉතින් ඔය ඕපන් සෝස් softwareත් පාවිච්චි කරනවනේ.එහෙංපිටින්ම හොර ගුහාවක් නෙවෙයිනේ.

මේ පව නොකරපු කට්ටිය කවුද ඉන්නේ?? (අනේ අපිනම් නෑ කියලා කියන්න නම් ඉන්නේ පොඩ්ඩක් හිතලා බලන්න.. මොකද V.C.D , D.V.D වලින් අපි බලන ‍ෆිල්ම්ස් පවා හොර කොපි නේ)


අනේ ඔය බණ කිව්වට මේ සීසර් අයියත් ඔය පව කරනවා... රෝමෙත් ඔහොමයි,ගෝල් දේසෙත් ඔහොමයි.....




අපි ගියානෙ මල් වරුසාව බලන්න...

සීසර්ට ආවනේ ආරාධනයක් පේරාදෙණිය සරසවියේ මල් වරුසාව බලන්න යන්න.මම මුලින් හිතුවේ ඔය වරුසාවක් කියලා කිව්වේ වලේ පෙන්නන ඩ්‍රාමා එකකට කියලා.පස්සේ තමයි දැනගත්තේ මල් වැටෙන හැටි බලන්න මේ යන්නේ කියල.ගස් වල කහපාට මල් පිරිලා.එකසිය ගානට බිම වැටෙනවා. මාර ලස්සනයි.

ගෝල බාලයෝ ටිකකුත් සෙට් කරගෙන මාත් ඉතිං ගියා සිරි නරබන්න
ඔන්න පින්තූර ටිකක් දැම්මා ඔයාලටත් බලාගන්න කියල.









ඔන්න එහෙනම් Hail Caesar කිව්වා...




මෙච්චර කාලයක් කලේ blog කියවිල්ල. මටත් අදහසක් ආවා blog ලියවිල්ලට මාරු වෙන්න... ඒ කිව්වෙ blog කියවිල්ල නවත්තනවා කියලා හෙම නෙවේ.

කොහොම නමුත් මම මේ blog ලෝකයට කෝඩුකාරයෙක්. ඉදලා හිටලා ඔය search එකක් දාද්දී එන english blog එකක් ඇරෙන්න සිංහල blog ෆීල්ඩ් එක මට මග ඇරිලා තිබ්බේ.(ඒ ගැන මටම ලැජ්ජයි) මෙච්චර online ඉන්න මට කොහොමද එහෙම missing උනේ? ඇයි හත් දෙයියනේ online ඉන්න වෙලාවේ කරන්නේ ඉතින් මූනු පොතට යන එකයි,torrent download කරන එකයි ඔය ඉදලා හිටලා pc එක format කරන්න වෙන විදිහේ software download කරන එකයිනේ. කොහොමහරි දැන් ඔය මූනු පොතෙත් කට්ටිය සිංහල වැඩ කෑලි දාන හැටි බලලා තමයි මාත් ඔය යුනිකේත හරබය අල්ලගන්න ගූග්ල් එකේ දැගලුවේ. ඔය වෙලාවේ තමයි මට කතන්දර අයියාගේ blog එක අහු උනේ.එතනින් ගියාම ඉතින් ලංකාවේ blog ලෝකයයි. පුලුවන් විදිහට කියවලා blog ටිකක් සුද්ද කරා. තවත් සුද්ද කරනවා.. ඒ අතරේම තමයි මගේම කියලා blog එකක් පටන් ගන්න අදහසකුත් ආවේ.

ඒත් මං මොනවද මේකේ ලියන්නේ?? හ්ම්ම්... ලියන්න දේවල්ද නැත්තේ? මට හිතෙන දේවල්, මං අහපු දේවල්, මං දන්න දේවල් පුලුවන් හැටියට ලියන්නම්.

අඩුපාඩු කියලා දෙන අයට,comments දාන අයට කල්තියාම ඔන්න Thank you කිව්වා....

Can't Read?

සිංහල බ්ලොග් කියවනය
lankeeya sithuwili

Pages

About Me

My photo
හිතන්න ගත්තම කරන්න බැරි විදිහේ mastermind plan උනත් ගහන, කරන්න දෙයක් නැතත් pc එක ලගට වෙලා සතියක් හරි ඉන්න පුලුවන්.පාඩම් වලට ටිකා....ක් හොර චරිතයක්...

Followers