මූනු පොතේ වගා කිරීම,ආහාර පිසීම හා සතුන් රැක බලා ගැනීම
සීසර්ගේ සතුට සහ දුක.
උත්සාහවන්තයා ජයගනීලු නේ. මාත් ඉතින්forum,torrent අස්සේ රිංගලා comment කියවලා වැඩේ ගොඩ දාගත්තා. එතනින් නැවතිල්ලක් නෑ නේ. වැඩේ පටන් ගන්නේ ඊට පස්සෙනේ.මටත් ආඩම්බරයි මගේ අධිරාජ්‍යයේ 15වෙනි ශතවර්ෂයේ උනත් පරිගනක ක්‍රීඩාවකින් සැරිසරන්න පුලුවන් වෙච්ච එක ගැන. play කරපු හොදම game එක.කලින් හොදම එක උනේ මීට කලින් ආපු එක(assassins creed).දැන් ඉතින් එතන දෙවෙනි එකෙන් replace කරලා ඉවරයි. කොච්චර හොදද කියනවනම් facebook ගියෙත් නෑ.

අදින්නාදානා....

අපි ගියානෙ මල් වරුසාව බලන්න...
සීසර්ට ආවනේ ආරාධනයක් පේරාදෙණිය සරසවියේ මල් වරුසාව බලන්න යන්න.මම මුලින් හිතුවේ ඔය වරුසාවක් කියලා කිව්වේ වලේ පෙන්නන ඩ්‍රාමා එකකට කියලා.පස්සේ තමයි දැනගත්තේ මල් වැටෙන හැටි බලන්න මේ යන්නේ කියල.ගස් වල කහපාට මල් පිරිලා.එකසිය ගානට බිම වැටෙනවා. මාර ලස්සනයි.






ඔන්න එහෙනම් Hail Caesar කිව්වා...
මෙච්චර කාලයක් කලේ blog කියවිල්ල. මටත් අදහසක් ආවා blog ලියවිල්ලට මාරු වෙන්න... ඒ කිව්වෙ blog කියවිල්ල නවත්තනවා කියලා හෙම නෙවේ.
කොහොම නමුත් මම මේ blog ලෝකයට කෝඩුකාරයෙක්. ඉදලා හිටලා ඔය search එකක් දාද්දී එන english blog එකක් ඇරෙන්න සිංහල blog ෆීල්ඩ් එක මට මග ඇරිලා තිබ්බේ.(ඒ ගැන මටම ලැජ්ජයි) මෙච්චර online ඉන්න මට කොහොමද එහෙම missing උනේ? ඇයි හත් දෙයියනේ online ඉන්න වෙලාවේ කරන්නේ ඉතින් මූනු පොතට යන එකයි,torrent download කරන එකයි ඔය ඉදලා හිටලා pc එක format කරන්න වෙන විදිහේ software download කරන එකයිනේ. කොහොමහරි දැන් ඔය මූනු පොතෙත් කට්ටිය සිංහල වැඩ කෑලි දාන හැටි බලලා තමයි මාත් ඔය යුනිකේත හරබය අල්ලගන්න ගූග්ල් එකේ දැගලුවේ. ඔය වෙලාවේ තමයි මට කතන්දර අයියාගේ blog එක අහු උනේ.එතනින් ගියාම ඉතින් ලංකාවේ blog ලෝකයයි. පුලුවන් විදිහට කියවලා blog ටිකක් සුද්ද කරා. තවත් සුද්ද කරනවා.. ඒ අතරේම තමයි මගේම කියලා blog එකක් පටන් ගන්න අදහසකුත් ආවේ.
ඒත් මං මොනවද මේකේ ලියන්නේ?? හ්ම්ම්... ලියන්න දේවල්ද නැත්තේ? මට හිතෙන දේවල්, මං අහපු දේවල්, මං දන්න දේවල් පුලුවන් හැටියට ලියන්නම්.
අඩුපාඩු කියලා දෙන අයට,comments දාන අයට කල්තියාම ඔන්න Thank you කිව්වා....