ඔන්න මම මේ කියන්න යන්නේ අර ගිය සතියෙ ආව s.m.s එකවගේ බොරුවක් එහෙම නෙවේ. මේ ගැන පෝස්ට් එකක් ලියන්න හිතුවත් ලියන්න කලින්ම පොඩි පොඩි කේස් ආපු හින්දා තමයි කල් දැම්මේ. ඒත් අද වෙච්ච දෙයක් හින්දා හිතුණා මේක කල් දාන එක හොඳ නෑ කියලා. අනික් හේතුව තමයි මම අඳුරන ගෑණු ලමයෙක්ගෙ ෆේස්බුක් එකවුන්ට් එක "හැක්" කරලා. කුණුහරුප ලෝකයක් කරලා.(ඒව නං කැත වැඩ). අපේ profile වලටත් ඔහොම උනොත්? ඒක හින්දා තමයි නොදන්න අයට දැනගන්නත් එක්ක මේ කියන්න හදන්නේ.දන්න කට්ටියත් ගොඩක් ඇති.මේක පෝස්ට් එකකින් පබ්ලිශ් කරනවට අකමැති අයත් ඇති.ඒත් ඉතින් බහුජන හිතාය බහුජන සුඛාය කියල මං මේක කියනවා.
අද මම යාලුවෙක්ගේ වැඩකට ඉන්ටනෙට් කැෆේ එකකට ගියා. මිනිහගෙ assignment වගයක් upload වෙනකල් ඉතිං වඳුරා වගේ pc එක අස්සට හොට දැම්මා. එතකොට තමයි මම දැක්කේ ඒ pc එකේ keyloggeer software එකක් දාලා තියෙන විත්තිය. ගැහැණු පිරිමි භේදයක් නැතිව ඒ pc එකේ නෙට් ගියපු අයගෙ ඊමේල් ලිපින,පාස්වර්ඩ්,ෆේස්බුක් ස්කයිප් වල කරපු චැට් හැම එකක්ම නෝට්පෑඩ් එකක සේව් වෙලා තිබ්බා.
දැන් සමහරුන්ට ප්‍රශ්නයක් එයි මොකක්ද මේ keylogger කියන්නේ කියලා. මේකත් සාමාන්‍ය application එකක්ම තමයි. හැබැයි භාවිතා කරන්නේ අනුන් කම්පියුටර් එකේ කරන activities බලාගන්න. උදාහරණයක් විදිහට මේ software එකක් install කරපු කෙනාට පුලුවන් අනික් අයගේ activities, log එකක් භාවිතා කරලා බලාගන්න.
උ.දා
1.කී බෝඩ් එකෙන් ටයිප් කරපු හැම දෙයක්ම (every keystroke) notepad එකක save වෙනවා.esc,ctrl keys පවා ප්‍රෙස් කලා කියල ඒකෙ පෙන්නනවා. ඩෙස්ක්ටොප් එක පේන්න තියෙද්දි බොරුවට ටයිප් කලත්,ෆේස්බුක් ස්කයිප් වල චැට් කලත්, සයිට් එකකට යූසර් නේම් පාස්වර්ඩ් ගහල ලොග් උනත් හැම දෙයක්ම රෙකෝඩ් වෙනවා. හැකර්ලා කියල මහලොකුවට කියන කට්ටිය අනුන්ගේ ෆේස්බුක් එකවුන්ට් වල යූසර් නේම් පාස්වර්ඩ් ගන්නේ ඔය ක්‍රමයෙන් වෙන්න ඕන.
2. visit කරපු හැම වෙබ් සයිට් එකක්ම වෙනම ලොග් එකක සේව් වෙනවා.
3. ඕපන් කරපු ප්‍රොගෑම්ස් වෙනම ලොග් එකක සේව් වෙනවා.
4. නිශ්චිත කාලයක් දුන්නම(තත්: 5න් 5ට) ඒ වෙලාවට කම්පියුටර් ස්ක්‍රීන් එකේ screenshot එකක් jpg format එකෙන් සේව් වෙනවා.
5. software එකේ option වලින් ඊමේල් එකක් විදිහට ඔය නෝට්පෑඩ් ලොග් හොරෙන්ම යවාගන්නත් පුලුවන්. ඒ කියන්නේ කම්පියුටර් එකක keylogger එක install කරන්න විනාඩි 3-5ක් හොඳටෝම ඇති.ඊට පස්සෙ ඒ ලොග් ඔක්කොම හැමදාම ඊමේල් වෙනවනේ.
මේ සරලම keylogger වල වැඩ. මම නං හිතන්නේ ඒකත් ඇති මහ විනාශයක් කරන්න. ගොඩක් කීලොගර් install වෙන path එක හොයාගන්න අමාරුයි. හොඳ වයිරස් ගාඩ් එකකුයි malwarebytes වගේ antispamware එකකුයි දාගන්න එක ඇඟට ගුණයි.
මේක ගොඩක්ම භාවිතා වෙන්නෙ මම දන්න විදිහට ෆේස්බුක් එකවුන්ට් හැක් කරන්න. වැඩි ප්‍රතිශතයක් ගෑණු ලමයින්ට තමා මේ කරදරේ වෙන්නේ. ඒ උනාට මම දන්න අක්කා කෙනෙක් අයියා අනික් කෙල්ලොත් එක්ක චැට් කරන්නේ මොනවද බලාගන්නත් මේකක් දැම්මා.කලින් කියපු 5වෙනි option එකට අනුව අයියගෙ කම්පියුටර් එකේ වෙන හැම දෙයක්ම අක්කට ඊමේල් වෙනවා.
දැං කට්ටිය බලයි මූ කොහොමද හොඳ එකා වගේ ඉඳලා ඕව දන්නෙ කියලා. මගේ යාලුවෙක්ගෙ ෆේස්බුක් පාස්වර්ඩ් එක අල්ලපු ගෙදර අයියා දැනගෙන ඒක වෙනස් කරලා.ඉතිං මෙයාට කරගන්න දෙයක් නැතිව මට කිව්වා.ඉතින් මම ඉන්ටෙර්නෙට් එකෙන් හොයාගත්ත දේ තමයි keylogger.ඒකෙන් කොහොමහරි යාලුවගෙ වෙනස් කරපු පාස්වර්ඩ් එක දැනගත්තා. ඕක තමයි මගේ පාපොච්චාරණය. ෆේස්බුක් හැක් නං මම හෙළා දකිනවා. ඇඩ් කරගත්තම ඉවරයිනේ.මොකටද අපි ඒ එකවුන්ට් control කරන්න යන්නේ?
දැන් ඉතිං නොදන්න කට්ටියත් ඕක ටෙස්ට් කරලා බලන්න යයි. ඒක හින්දා මට බැනුමුත් එයි. ඒත් එක්කෙනෙක් හරි මේක කියෙව්වට පස්සේ keyloggers වලින් බේරෙන්න measures ගන්නවා නං මට ඒ ඇති.
ඔය තියෙන්නේ ඒවගේ කෙරුවාවල් තමයි...
ෆේස්බුක් එකවුන්ට් හැකර්ලාගෙන් බේරෙන්න keylogger ගැනත් දැනගන්න..
Posted by
සීසර්
at
Thursday, May 13, 2010
9 comments:
key logger ekak DL karaganna link ekak denna barida?
මේක නම් හුඟක් හොඳයි.. නොදන්න දෙයක් දැන ගත්තා...
අයියේ ඉතින් කොහොමද මෙකෙන් බේරෙන්නේ.බේරෙන හැටි කිව්වේ නෑනේ
බේරෙන්නනම් මේවා කරන්න පුලුවන්.
1.onscreen keyboard එකක් පාවිච්චි කරන්න පුලුවන්. ඒක kaspersky අලුත් එකේ තියෙනවා. windows එකත් නරකම නෑ. ඒත් ඒක හැම වෙලාවම කරන්න පුලුවන් දෙයක් නෙවීනෙ. අඩුම තරමේ username & password වලටවත් යොදා ගන්නවනම් හොදයි.
2.AntiKeylogger software තියෙනවා. ඒවගෙන් එකක් use කරන්න. ඒවගෙන් අඩු ගානෙ Keylogger software detect කරන්න පුලුවන්. එත්කොට අපි දන්නවනේ තැනේ හැටි.
3.පරිස්සම් කරලා තියා ගන්න පුලුවන්නම් pen එකේ firefox portable දා ගන්න. ඒකට් Lastpass addon එක install කර ගන්න. ඒට පස්සෙ secure තැනකින් site වලට log වෙලා passwords ටික lastpass වල්ට save කර ගන්න. ඊ ළගට cafe එකේදි ඔය්යට ඕන වෙන්නෙ එක password එකයි. ඒක onscreen keyboard එකකින් හරි කොහොම හරි ටයපෙ කර ගන්න. ඕනනම් lastpass preferences වල automatic logoff නැති කරන්න. දැන් ඔයාගෙ පෙන් එකේ firefox use කරන්න. හැබැයි යද්දී pen එක අමතක කරන්නනම් එපා.
ඕක ගැන දැනුවත් කල එක හොඳයි .
තව එක දෙයක් අමතක වුණා. lastpass password එක නිතරම් වෙනස් කරන්න. අන්තිමට ඒකෙනේ ඔක්කොම දේවල් තියෙන්නේ.
ගොඩක් වැදගත් ලිපියක් සහෝ
virus guard එක kaspersky නම් ගොඩක් හොඳයි. එහෙම කිව්වට ලහිලහියේ virus guard මාරු කරන්න යන්නත් එපා. antikeylogger software එකකට වැඩිය malwarebytes software එක දාගන්න එක හොඳයි.මොකද ඒකට කීලොගර් වලට අමතරව තවත් ගොඩක් ස්පෑම් අල්ලන්න පුලුවන් හින්දා.. kaspersky එකෙන් බේරිලා තිබ්බ ඒවත් malwarebytes එකට අහු උනා.
http://www.malwarebytes.org/
@ uvindubt: මම මේ ගැන ලියන එක කල් දැම්මෙත් ඕක හින්දා තමයි. මට ඕන උනේ කීලොගර් පාවිච්චිය වැඩි කරන්න නෙමෙයි. ඒවා ගැන නොදන්න අය දැනුවත් කරන්නයි.
@ මම: අවදානම අඩු කරගන්න නම් විශ්වාසවන්තම අයට විතරක් තමුන්ගේ pc/laptop use කරන්න දෙන්න.cafe යද්දී විශ්වාසවන්ත තැනකට යන්න.educational institute වල internet access එක තිබ්බ පලියටම mail,facebook use කරන්න එපා. මං මේ steps තුනම කියන්නේ සාක්ෂි ඇතුව.දැනට ඒවා ප්‍රසිද්ධ නොකර ඉන්නම්. හැබැයි ඒක හින්දාම හැම තැනක්ම අවිශ්වාස කරන්නත් එපා හොඳේ.
හැමෝගෙන්ම ඉල්ලන්නේ ඔයාලගේ යාලුවන්වත් මේ ගැන දැනුවත් කරන්න.
ඕකට වඩා මේක ගොඩක් සේෆ්. ෆ්‍රී
http://bestxsoftware.com/
Post a Comment